මාර්ගගත(ඔන්ලයින්) ක්රමවල සුරක්ශිතභාවය පිලිබඳ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සභාව එකඟ වන්නේ ද යන්න පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 33 කින් පාර්ලිමේන්තුවේදී මීට සුලු මොහොතකට පෙර සම්මත විය.
පනත් කෙටුම්පත විවාදයට ගැනීම සඳහා විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ බෙදීමකින් අනතුරුව මෙම ඡන්ද විමසීම සිදුකරන ලදී.
මන්ත්රීවරුන් 83 දෙනෙකු කෙටුම්පත විවාදයට පක්ෂව ඡන්දය ප්රකාශ කළ අතර විපක්ෂව ඡන්දය ප්රකාශ කළේ මන්ත්රීවරුන් 50 දෙනෙකි.
කෙසේවෙතත් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී විපක්ෂයේ පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් මෙම කෙටුම්පත විවාදයට නොගෙන බැහැර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.