මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියා.

මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව ඔහු පැවසුවා.