අද උදෑසන ඕස්ට්‍රේලියානු වේලාවෙන් 01:50ට පමණ ඕස්ට්‍රේලියාවේ උතුරු කුවීන්ස්ලන්ත කෙයාන්ස් නගරයේ හෝටලයක් මතට එම හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

එම හෙලිකොප්ටර් අනතුරකින් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්තේ නියමුවා පමණි.

බලධාරීන් පවසන්නේ එම යානය නිසි අවසරයකින් තොරව ගුවන්ගත කර ඇති බවයි.

හෝටලයේ සිටි අමුත්තන් දෙදෙනෙක්ද අනතුර හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් බව සඳහන් ය.