ඖෂධ වර්ග 60 ක මිල අද(26) සිට 16%කින් අඩු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පසුගිය 15වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වනුයේ අද සිට වේ.

නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇත.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500යේ පෙත්තක මිල රුපියල් තුනයි ශත 49ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යේ කුප්පියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 2270යි ශත දෙකක් ලෙස දක්වා ඇත.

ඇමොක්සිලින් ක්ලැවුලිනික් ඇසිඩ් මිලිග්‍රෑම් 375ක උපරිම සිල්ලර මිල රුපියල් 70යි ශත 32ක් ලෙස එහි දක්වා තිබේ.