ඖෂධ විස වීම හේතුවෙන් සිදූ වූ මරණ පිලිබදව සොයා බැලීම සදහා පංච පුද්ගල කමිටුව පත් කිරිම අද (17) සිදු කිරීමට නියමිතය.

පසුගිය මාස කිහිපය ඇතුළත රජයේ රෝහල්වල සිදුවූ මරණ අතුරින් සෞඛ්‍ය අංශයට චෝදනා මෙන්ම විවේචන එල්ලවූ සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා පත්කරන පංච පුද්ගල කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නම් කිරීම සිදු කිරීමට තීරණය කර ඇත.

ඖෂධ පිළිබඳව මෙන්ම ආසාත්මිකතා සම්බන්ධයෙන් ද වෛද්‍ය සහ හෙද යන දෙඅංශය සම්බන්ධයෙන් ද පුළුල් දැනුමක් හා අවබෝධයක් ඇති මහාචාර්යවරුන් ඇතුලු පස්දෙනෙකුගෙන් මෙම විද්වත් කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ.

මෑත කාලයේ රජයේ රෝහල්වල සිදුවූ මතභේදයට තුඩුදුන් සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදුකර ඇමතිවරයාට ඔවුන් වාර්තාවක් ලබාදීමට නියමිත බව ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා ඇත.