වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156 ක මේ වන විටත් ප්‍රමාණවත්ව නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා ඇත.

එමෙන්ම තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බව ඔහු පෙන්වා දී තිබේ.

ඒ අනුව ජනවාරි වන විට ඖෂධ 300 ක පමණ හිඟයක් ඇති වියහැකි බවත් ඖෂධ වර්ග 86 ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.