ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඊයේ පැවසුවේ ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

කැබිනට් මාධ්‍යය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරිය කැබිනට් ඇමතිවරියක් නොවන බවත් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් වගකීමක් බාරනොගන්නා බවත් ය.