කටුනායක ගුවන්තොටුපොළේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතරකර තිබේ.

දකුණු ඉන්දියාවට මේ වනවිට බලපා ඇති මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ හේතුවෙන් ඊයේ (04) දින ගුවන් ගමන්වාර දෙකක් නතර කළ බව ශ්‍රී ලංකා ගුවන් සමාගම ප්‍රකාශ කර තිබේ.

නැවත දැනුම දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර ඇතැයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.