ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා

ඒ පසුගියදා විවෘත කළායැයි පැවසෙන කතරගම වැඩ සිටි කන්ද මාර්ගයට ආසන්නයේ සුරාසල යළිත් විවෘත කිරීම හේතුවෙන්

එම සුරාසල වසා දමන ලෙස මහාසංඝරත්නය පසුගිය දා විරෝධතාවක නිරතවීමෙන් පසුව සුරාසල වසා දැමුවද ඊයේ නැවත විවෘත කර තිබෙනවා.

කතරගම දෙටගමුව ආසන්නයේ පවත්වාගෙන යන මෙම මත්පැන්හල නියෝජ්‍ය කතානායකවරයකු විසින් විවෘත කළ බවට වාර්තා වනවා.

එබැවින් මෙයට විරෝධය පළ කරමින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වා ගෙන යන දහම් පාසල් වසා දැමීමට තීරණය කළ බව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි කපුගම සරණතිස්ස නාහිමියෝ පැවැසුවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන් සදහන් කළේ, කතරගම වැනි පුදබිමකට සුරාසල් අවශ්‍ය නොවන බැවින් මේ හරහා කතරගම පුදබිමේ ගෞරවයට හානි වන බැවින් සුරාසල ඉවත් කළ යුතු බවයි.