අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වූ ක්‍රීඩකයා බවට පැට් කමින්ස් මීට සුළු මොහොතකට පෙර වාර්තා විය. කෙසේ නමුත් එම වාර්තාව තවත් විනාඩි කිහිපයකදී බිඳ දැමීමට ඔස්ට්‍රේලියාවේම මිචෙල් ස්ටාක් සමත් විය. ඒ අනුව මිචෙල් ස්ටාක් ඉන්දියන් රුපියල් කෝටි 24.75ක වාර්තාගත මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

මේ අනුව අයි.පී.එල්. ඉතිහාසයේ ඉහළම මුදලකව අලෙවි වූ ක්‍රීඩකයා ලෙස මිචෙල් ස්ටාක් වාර්තා අතරට එක්විය.