හලාවත ,වැල්ල කසකැලේ මුහුදු තීරයට වයස අවුරුදු 45ක් – 50ක් අතර යැයි සැකකෙරෙන නාඳුනන මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරයේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර උස අඩි 5 අඟල් 8ක් වන කොණ්ඩය කොටට කපා ඇති රැවුල මදක් වවා ඇති අතර උඩුකයට නිල් පාට අත්දිග කමිසයක් ඇඳ සිටින බවත් යටිකය නිර්වස්ත්‍රව ඇති බවත් පොලීසිය සදහන් කරයි

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ පපුවේ වම් පැත්තේ, ‘අම්මා’ යනුවෙන් ද දකුණු පැත්තේ ‘විනිති’ යනුවෙන් ද සිංහලෙන් පච්ච කොටා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.