අද (12දා) උදෑසන කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසකට පාසලින් ලබා දුන් ආහාර විෂ වීමකින් ආසාත්මික තත්ත්වයක් ඇතිව තිබෙනවා.
දිනපතා මේ දිනවල පාසලෙන් උදෑසන ලබාදෙන ආහාර වේල ආහාරයට ගැනීමෙන් මද වේලාවකට පසු ඇග කැසීම් තත්වයක් ඇතිවූ බව සදහන්
ඒ අනුව කඩිනමින් සිසු සිසුවියන් 25 දෙනෙකු ප්‍රථිකාර ලබා දීම සඳහා කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පාසල් බලධාරින් කටයුතු කර තිබුණා .
එදින උදැසන ආහාර ලෙස කතුරුමුරුංගා කොල මැල්ලුම්, හාල්මැස්සන් සහ බණ්ඩක්කා සිසුන් හට ලබාදී තිබූ බවත් එම ආහාර හේතුවෙන් මෙම ආසාත්මිකතාවය ඇතිවී ඇති බවට සැක පල කරන බව වෛද්‍යවරුන් ප්‍රකාෂ කර සිටියා