කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා

මහල් හයකින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් ගින්න හටගෙන ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි.

කළුතර මහ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගනිමින් මේ වනවිට ගින්න පාලනය කරමින් සිටින බව වාර්තා වේ.

මෙම ගින්න විදුලි කාන්දුවක් නිසා හටගෙන ඇති බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිය ගිනිනිවන හමුදා භටයෙකු හුස්ම හිරවීම හේතුවෙන් මේ වනවිට රෝහල් ගතකර තිබෙනවා