ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රමතල් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන S.I ඉමාම්,රෝහිනී මාරසිංහ, විශ්‍රමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා සහ උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ, නීතීඥ හිෂාම් ජමල්දීන් පත්කර ඇති බව සඳහන් වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මඟින් අමාත්‍යවරයා වෙත ලැබී ඇති බලතල මත මෙම අතුරු කමිටුව පත් කර ඇත.

මෙම අතරු පාලක කමිටුව අද සිට බලාත්මක වන අතර පෙර පැවති පාලක මණ්ඩලය තාවකාලිකව අත්හිටුවන බව ද  වැඩිදුරටත් දැක්වේ.