ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම එළඹෙන සතිය වන විට සම්පූර්ණයෙන් ඉවත් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සෘජුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කර ඇති බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන් ධනාත්මක පිළිතුරු ලැබී ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම නව ක්‍රීඩා අමාත්‍යවරයාට එළඹෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලයේ විධායක සභාවටද ආරාධනා කර ඇතැයිද සඳහන්ය.