ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

පෙත්සම අද (05) කැඳවූ අවස්ථාවේදී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් අවශ්‍ය බව දන්වා ඇත.

ඒ අනුව නඩුව දෙසැම්බර් මස 13 වනදා දක්වා කල් තබා ඇති අතර එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නා බවද ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට දැනුම්දී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.