වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවාලීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස ලියාපදිංචිය අත්හිටවූ ක්‍රීඩා සංගම් වන්නේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනයයි.

අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇති බව සඳහන්.