අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මරණයට පත්වූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ ද තුවාල ලැබූවන් අතර සිටින බව වාර්තාවේ.

හෝමාගම රෝහලේදී ඇයට මේ වන විට ශල්‍යකර්මයක්ද සිදු කර ඇති බව සදහන්

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීය.

මෙ​ම වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

කෙසේ වෙතත් අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගත් අතර ඝාතකයින් මෝටර් රථයෙන් මාර්ගයේ දමා වෑන් රථයකින් පළා යන අයුරු ද CCTV කැමරාවල සටහන්ව තිබුණි.