ජනප්‍රිය ඉන්දීය නිළි කාජල් කෙටි කලකට සමාජ මාධ්‍යවලින් ඉවත්ව සිටීමට තීරණය කර තිබේ.

‘ජීවිතයේ අපහසුම පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටිමි’ (Facing one of the toughest trials of my life) යනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය මේ බව පවසයි.

කෙසේ වෙතත් සිය තීරණය සම්බන්ධයෙන් මේ දක්වා කාජල් හේතුවක් අනාවරණය කර නොමැති අතර, ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙය ඇගේ නවතම වෙබ් වැඩසටහන වන ‘The Good Wife’ වැඩසටහනේ ප්‍රවර්ධන කාර්යයක්ද වියහැකි බවයි.
එම වැඩසටහනේ අධ්‍යක්ෂ මලහෝත්‍රාද කාජල්ගේ සටහනට අදහසක් එක් කරමින් “Good Wifeහි තේමා පටය එළිදක්වන්නේ කවදාද?” යනුවෙන් විමසා තිබිණි.