කැනඩාවේ සිදුවූ තවත් අමානුෂික ඝාතනයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉන්දීය සම්බවයක් සහිත 41 හැවිරිදි වියේ පසුවන Balwinder Kaur නමැති කාන්තාවකි.

ඝාතනය සම්බන්ධයෙන් 50 හැවිරිදි වියේ පසුවන ඇයගේ සැමියා වන Jagpreet Singh එරට ආරක්ෂක අංශ විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

පිහි ඇනුම් හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව කඩිනමින් රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබුණ ද එහිදී ඇය මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

කැනඩාවේ Abbotsford හිදී මෙම ඝාතනය සිදුව ඇති බව එම වාර්තා සඳහන් කරයි.

එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.