කැලණිය විශ්වවිද්‍යාලයේ සි.ඩබ්.ඩබ්.කන්නන්ගර නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් ඇද වැටී සිසුවෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අද (ඔක්. 23) අලුයම 3:00ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 24ක් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පිඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් වන අතර
මේ වන විට ඔහුගේ මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇත.

මේ පිළිබඳව කැලණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.