ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා නව යොවුන් රූ රැජිණ-2023 ලෙස ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික-අමෙරිකානු යුවතියක් වන ටාලියා පීරිස් කිරුළු පැළඳ තිබේ.

මේ අනුව ඉදිරියේදී පැවැත්වෙන අමෙරිකානු නව යොවුන් රූ රැජිණ තරඟයට ඇය කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිත ය.

පසුගිය 29 වනදා පැවති කැලිෆෝනියා නව යොවුන් රූ රැජිණ වූයේ දින දෙකක් පුරා පැවැති අතර ප්‍රාන්තය පුරා සිටින නව යොවුන් තරුණියන් 40 ඊට සහභාගි විය.

අවසන් පූර්ව වටයේ තරගකරුවන් 15 දෙනකු තෝරා ගත් අතර, සෙසු තරගවලින් පසුව, විනිසුරුවන් විසින් හොඳම අවසන් තරගකරුවන් පස් දෙනා තෝරා ගන්නා ලදී.

හොඳම අවසන් තරඟකරුවන් පස්දෙනා වේදිකාවේ එක් ප්‍රශ්නයකට පිළිතුරු දුන් අතර, පසුව ජයග්‍රාහකයා ලෙස ටාලියාට කිරුළ හිමි විය.