ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය ලබා දීමට කිතුණු පූජකවරුන්ගේ ජාලය තීරණය කර තිබෙනවා.

ඊයේ (01) මේ පිළිබදව තමන් වෙත දැනුම්දුන් බව, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළා

එම ජාලයේ මහලේකම් රත්නායක පියතුමා ඇතුළු පිරිසක් රුවන් විජයවර්ධන මහතාව සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හමුවුණා.

එහි දී පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ගෙනගිය වැඩසටහන පිළිබඳව උන්වහන්සේ ප්‍රශංසාත්මකව අදහස් පළ කළ බවයි, නියෝජ්‍ය නායකයා ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේ.

මෙම අවස්ථාවට සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් සහ ව්‍යවසායක කුමුදු හෙට්ටිගේ යන මහත්වරුන් සහභාගී වූ බව සඳහන්.