ඊයේ (13) කිළිනොච්චිය ධර්මපුරම් මධ්‍යය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී‍ තිබෙනවා

බඹර ප්‍රහාරයෙන්  සිසුන් 21 ක් කිළිනොච්චිය ධර්මපුරම්  රෝහලට ඇත​ලත් කොට තිබෙන අත​ර ඉන් ​සිසුන් සිසුන්ගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් ඔවුන් හතර දෙනා කිළිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා තිබෙනවා

දහවල් අධික රශ්මියක් පැවතීමත් සමග හමා ගිය සුළගක් හේතුවෙන්  විදුහලේ ගසක බැද තිබූ බඹර කුඩුවක් කැඩී බිමට වැටී ඇති අත​ර  ඉන් ඇවිස්සුණු බඹරුන් සිසුන්ට දෂ්ඨ කොට තිබෙනවා.

මෙම පාසලේ බඹර වද 6 ක් තවමත් ඇති අතර එම බඹර වද ඉවත් කොට දෙන ලෙස විදුහලේ බලධාරීන් ආයතන හා සංවිධාන කීපයකටම දැනුම් දී ඇතත්  මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පාසල් බලධාරින් චෝදනා නගනවා

පසුගිය වසරේද මේ පාසලේ ළමයින් හත් දෙනෙකුට බඹරුන් දෂ්ඨ කිරීම නිසා ඔවුන්ව රෝහල් ගත කිරීමට විදුහලේ බලධාරීන්ට සිදුව තිබුණා.