ලබන 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසා ඇත.

එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය අසීරු බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

එහෙත් එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බව ඔහු සඳහන් කර ඇත.

ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 235 ක මිලකට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බව ද නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර අද (02) හෝ හෙට (03) කීරි සම්බා සහල් තොගයක් මෙරටට ගෙන එන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කර තිබේ.

කීරි සම්බා කිලෝග්‍රෑම් 50,000 ක් මේ වනවිට ගෙන ඒමට කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.