බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම මඟින් ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක මුදලකට අලෙවි කිරීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කර ඇත.

සති දෙකක් ඇතුළත බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාව පවතින බව ද එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කර තිබේ.

මෙම සහන මඟින් ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 40ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බව ද එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කර ඇත.