සීමාසහි​ත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින් නිකුත්කල මෙරට පැරණිතම ළමා පුවත්පත වූ “මිහිර පුවත්පත” සිය අවසාන කලාපය මේ වනවිට වෙළඳපොලට නිකුත් කොට ඇත.

ඉදිරියේදී මිහිර පුවත්පත වෙළඳපළට නිකුත් නොකෙරෙන අතර, ඊ පුවත්පතක් ලෙස පමණක් (e-paper) පාඨකයින් වෙත ලැබීමට සැලැස්වී​මට කටයුතු කරන බ​ව එම පුවත්ප​තේ කළමණාකාරීත්වය පවසයි.

මිහිර පුවත්පතේ පළමු වෙළු​ම සරසවි පුවත්පත තුළින් වන අත​ර 1963 වසරේ සරසවිය පුවත්පත ආරම්භ වනුයේ කලා, කාන්තා, ළමා විශේෂාංග සියල්ලම එක් කරමිනි. 1964 ජූලි 27 වැනිදා මිහිර ලෙස වෙන්ව ගොඩ නැගෙන්නේ සරසවිය පුවත්පතේ මුලින් තිබූ ළමා විශේෂාංග සමඟය. එදා මෙදාතුර මිහිර පුවත්පත වසර 60ක කාළයක් වෙළඳපලට නිකුත් වී තිබේ.

මෙරට මාධ්‍ය ලෝකයේ ජීවත්වන බොහෝ දෙනා හට මාධ්‍යය ජිවිතය​ට අත් පොත් තැබීමට මිහිර විසින් ඉඩ හසර සලසන ලදී. පාසල් වියේ පට​න් මිහිරට ලියූ ​වෝ පසු කලෙක මෙරට ප්‍රසිද්ධ ලේඛකයන් විය.

මිහිර ආරම්භක කතුවරයා වූයේ ශ්‍රී ලා​ල් හික්කඩුව ලියනගේ මහතා වන වේ.

අන්තර්ජාලය භාවිතයට පෙර කුතුහලයෙන් පිරි කුඩා කාලය සුන්දර කල තවත් එක් මතකයක් මෙලෙස අවසාන වෙමින් ලොවෙන් සෞගනු ඇත.