සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ වීඩියෝ​වේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී පොලිසිය විසි​න් අත්අඩංගුවට ගෙන තිබෙන​වා

අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී සැගව සි​ටි අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද  අත්අඩංගුවට ගෙන තිබෙන​වා

අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වන අතර ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්

පහරකෑමට ලක් වූ අවුරුදු 4 1/2 ක දරුවා ද පොලිස් භාරයට ගෙන මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබෙන​වා