මීගොඩ ප්‍රදේශයේදී නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධියක් මුල්කරගනිමින් එම දැරියගේ සළු පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා

පාසල නිමවී නිවසට පැමිණෙන අතරවාරයේ තමන් සුළු පියාගේ විරුද්ධවාදියෙක් සමඟ කතාබහ කළ බව සුළු පියා​ට  නොපැවසීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර තිබෙන බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා

පහර දෙන අවස්තාවේදී පහර දුන් පුද්ගලයා බීමතින් සිට ඇති බව දැරිය පවසා ඇති අතර සුළු පියා විසින් දැරියට දරුණු ලෙස පහර දෙන ආකාරය අසල්වාසීන් දැක පසුව ඔවුන් එම පුද්ගලයාට පහර දී දැරිය බේරාගෙන ඇති බව සදහ​න්

සිද්ධි​ය සම්බන්ධයෙන් පොලිසියට ල​ද  පැමිණිල්ලක් මත පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා කෝප්‍රල්වරයෙක්.

පහර කෑමට ලක් වූ දැරිය ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා