උස්බෙකිස්තානයේ අගනුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ උස්බෙකිස්තාන් නායක ෂව්කට් මිර්සියෝයෙව් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා

එහිදි උස්බෙකිස්තානයට විශාල යුරේනියම් සංචිත ඇති නිසා එහි කුඩා න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ  ව්‍යාපෘතියක් සදහා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

මෙම න්‍යෂ්ටික බලශක්ති ගිවිසුම ක්‍රියාවට නැංවුවහොත්, එය මධ්‍යම ආසියාවේ ප්‍රථම බලාගාරය බවට පත්වන අතර, කලාපය තුළ රුසියාවේ බලපෑම තවදුරටත් වැඩිවනු ඇත.

රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය රුසියානු රජය සතු බලශක්ති සංස්ථාව වන Rosatom උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 330 ක සම්පූර්ණ ධාරිතාවයකින් යුත් ප්‍රතික්‍රියාකාරක හයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.