කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිරදඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුගේ එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා

අද (17) විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයට ගනිමින්

එම අභියාචනා පෙත්සම් වල තීන්දුව දෙමින් විනිසුරු පී.කුමාරන්රත්නම් මහතාගේ එකඟතාවය සහිතව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2023 වසරේ දෙසැම්බර් මස 14 වනදා සිට එම සිරදඬුවම ක්‍රියාත්මක විය යුතු බව කුරුණෑගල මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ සඳහන්

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා

එම සිරදඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසින් මෙම අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සම්වල තීන්දුව දෙමින් අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙනවා