පසුගියදා කුවේටයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක ඇති​වූ ගින්නකින් මියගිය කම්කරුවන් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවට ගෙනවිත් තිබෙනවා.

​ඒ ඉන්දියානු ගුවන් හමුදාවේ, ගුවන් යානයක් මගිනි

කුවේටයේ මංගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් එහි නවාතැන්ගෙන සිටි කම්කරුවන් 50 දෙනෙක් මිය ගිය අතර, ඉන් 45 දෙනෙක් ඉන්දියානුවන් වනවා

මියගිය ඉන්දියානු ජාතිකයන්ට අමතර​ව මෙම ගොඩනැගිල්ලේ ඉන්දියානු කම්කරුවන් 176 දෙනෙකු සිටි බව සඳහන්.