අද (03දා) පස්වරුවේ පැවැත්වෙන LPL ක්‍රිකට් තරගාවලියේ  ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී ශතකයක් වාර්තා කිරීමට දඹුල්ල සික්ස්සර්ස්  කණ්ඩායමේ ආරම්භක ​පිතිකරු කුසල් ජනි​ත් පෙරේරා සමත් වුණා.

මෙය මෙවර අදියරේදී පිතිකරුවෙකු රැස්කළ පළමු හා එකම ශතක​ය​‍ද වෙනවා.

පන්දු 50කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හයේ පහර 05ක් හා හතරේ පහර 10ක් ඇතුළත් වන අතර මෙය කුසල්ගේ පළමු විස්සයි20 ශතකයද ​වේ

මීට පෙර ඔහු ජාත්‍යන්තර හෝ ජාත්‍යන්තර නොවන ඕනෑ​ම විස්සයි20 ආකෘතියකදී රැස්කර තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 87යි