කෙන්යාවේ නයිරෝබි අගනුවරට රැස්වූ  විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කෙන්යානු පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කෙන්යාවේ බදු වැඩිකිරීමට එරෙහිව ආරම්භ කළ මෙම විරෝධතාවයෙන් පුද්ගලයන්  22 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා.

එම කාලය තුළ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවේ කොටසක් ගිනි තබා ඇති අතර, පොලීසිය ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.

කෙසේ වෙතත් අගනුවර කේන්ද්‍ර කරගෙන ඇතිව ඇති පීඩනයට හිස නමා ජනාධිපති විලියම් රූටෝ පවසා ඇත්තේ මුල් විරෝධතාවලට තුඩු දුන් බදු යෝජනා ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බවයි.