ඉමියුනොග්ලොබියුලින් අපරාධය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධව අද (04) ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා ඇත.

එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල් තබන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල අද නිවේදනය කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල සිය පෙත්සමින් ඉල්ලා ඇත්තේ ‍ඉමියුනොග්ලොබියුලීන් මානව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධ අපරාධය හේතුවෙන් අත්අඩංගුවටගත් තමාව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කර තමන්ව මුදාහරින ලෙසයි.