හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 07 දෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (28) ඉදිරිපත් කලේය.

එහිදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම පිරිස ජුලි 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත.

ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් පැවති නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කොට ඇත.