හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සතුව තිබූ ලිඛිත සහ අනෙකුත් සාක්ෂි ඇතුළත් තොරතුරු ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ ඉල්ලීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන අමාත්‍යවරයාගේ නිවසට ගොස් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීමේ සිද්ධියට අදාළ ලිඛිත සහ අනෙකුත් සාක්ෂි ඇතුළත් තොරතුරු ලබා ගෙන ඇත.

එම අවස්ථාවේදී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කර ඇත.