වේල්සයේ කුමරිය වන කේට් කුමරිය පසුගියදා ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් සමග ටෙනිස් ක්‍රීඩා කිරීමට එක්ව සිටියා. කේට් කුමරිය සහ රොජර් ෆෙඩරර් එලෙස සහභාගි වී සිටියේ විම්බල්ඩන් තරගාවලියේ පුහුණුවීම් සඳහායි.

එළඹෙන ජූලි 03වැනිදා විම්බල්ඩන් තරගාවලිය ආරම්භ වන අතර, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ All England Lawn Tennis Clubහි රාජකීය අනුශාසකයෙකු ලෙස කේට් කුමරිය ටෙනිස් තරගාවලිය නැරඹීමට සූදානම්ව සිටින බවයි. එමෙන්ම ඇය තරගාවලියේ ජයග්‍රාහකයන්ට කුසලාන පිරිනැමීමේ වගකීමද භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ග්‍රෑන්ඩ් ස්ලෑම් ( Grand Slam) ටෙනිස් තරඟාවලි හතරෙන් එකකි. එමෙන්ම සාම්ප්‍රදායික ටෙනිස් ක්‍රීඩා කරන මතුපිට තණකොළ පිටියක් මත තවමත් ක්‍රීඩා කරන එකම ප්‍රධාන තරගාවලිය වන්නේද විම්බල්ඩන් තරගාවලියයි.

2023 විම්බල්ඩන් ශූරතාවලිය එහි 136වැනි අදියර වන අතර, එය මස ජූලි 03වැනිදා සිට 2023 ජූලි මස 16වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගය ජූලි 15වැනිදාත්, පිරිමි කේවල අවසන් තරගය ජූලි 16වැනිදාත් පැවැත්වීමට නියමිතය.

මෙවර විම්බල්ඩන් ශූරතාවලියෙහි විශේෂත්වය වන්නේ එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු III චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු විම්බල්ඩන් තරගාවලිය ලෙසයි.