ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් 26 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද (30) කේරළ ප්‍රාන්තයේ මෙප්පාදී නම් ප්‍රදේශයේ මෙම නාය යෑම සිදුවී තිබෙනවා

මෙම නාය යෑම හේතුවෙන් සිරවී සිටින පිරිස සොයා ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

අධික වර්ෂාව හේතුවෙන් මෙම බේරාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති අතර එම නාය යෑමට ගොදුරු වූ සමහරු චලියාර් ගංගාවේ ගසා ගෙන යන්නට ඇතැයි ද සැක කෙරෙයි.