අතුරුගිරිය ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිණී කේ.සුජීවා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

එහි දී ගායන ශිල්පිනියගේ පාදයකට උණ්ඩ දෙකක් වැදී තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කේ. සූජීවාගේ සැත්කම් කිහිපයකින් අනතුරුව මුදල් ගෙවා ප්‍රතිකාර කිරීම් සිදුකරනු ලබන වාට්ටුවක ප්‍රතිකාර ලැබු අතර මේ වන විට ඇය රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය 8 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මිය ගියේය.