2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලියේ අද පැවැති සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගයෙන් ලකුණු 35 පෙරළිකාර ජයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් ක්‍රීඩකයෝ ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 268ක් රැස් කළේය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Sikandar Raza ලකුණු 68ක්,  Ryan Burl ලකුණු 50ක් සහ නායක Craig Ervine ලකුණු 47ක් රැස් කරමින් සිම්බාබ්වේ ඉනිම ශක්තිමත් කළහ.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Keemo Paul ලකුණු 63කට කඩුලු 03ක් බිඳ හෙළීය.

අනතුරුව ලකුණු 269ක ජයග්‍රහණයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව්වන් කණ්ඩායමට පන්දුවාර 44.4 අවසානයේ සියල්ලන් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 233ක් පමණි.

කොදෙව් ඉනිම වෙනුවෙන් Kyle Mayers ලකුණු 56 රැස් කළ අතර Roston Chase ලකුණු 44ක් රැස් කළහ.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tendai Chatara විශිෂ්ට පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 52කට කඩුලු 3ක් බිදහෙළීය.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් ලකුණු 68, පන්දුවෙන් කඩුලු 02ක් සහ උඩපන්දු දෙකක් රැකගත් Sikandara Razaට හිමි විය.

මෙම ජයත් සමග සිම්බාබ්වේ කණ්ඩායම සිය කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවෙනි තැනට ඇද දමමිනි.