මේ දිනවල දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන SA20 ලීග් තරගාවලියට සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකු වන Fabian Allenව තුවක්කු සහිත මංකොල්ලකරුවන් පිරිසකගේ හසුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු ජොහැන්ස්බර්ග්හිදි මංකොල්ලරුවන් කිහිපදෙනෙකුට හසු වී ඇති අතර මෙහිදී ඔවුන් තුවක්කුවක් පෙන්වමින් ඇලන්ව බිය ගන්වමින් ඔහු සතුව තිබූ ජංගම දුරකථනය සහ තවත් පෞද්ගලික බඩුබාහිරාදිය අඩංගු වූ බෑගයක් පැහැර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙහිදී ඇලන්ට කිසිඳු අන්දමක ශාරීරික තුවාලයක් සිදු වී නොමැති බව තහවුරු වී ඇත.