තමාට රට බේරාගැනීමට උදව් කළහොත් සජිත් ප්‍රේමදාසගේ තහනම් කර ඇති එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටිනවා

මහනුවර පැවැති “එක්ව ජයගමු”මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රජයේ වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මෙම රැළියේදි තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන තිබෙන ඇතැයි ද ‍දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ යැයි පවසන සමගි ජන බලවේගයට එකතු වී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් බවත් ජනපති පවසා සිටියා

නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව කී ජනාධිපතිවරයා සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව අවධාරණය කර සිටියා