K-Drama ලෙස හඳුන්වන දකුණු කොරියානු ටෙලි නාට්‍ය නැරඹූ උතුරු කොරියානු තරුණයින් දෙදෙනෙකු ක්‍රීඩාංගනයකදී ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් BBCය විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා. එම විඩියෝව කලකට ඉහත (2002) වීඩියෝගත වී ඇති එකක් වන අතර, මෙම වීඩියෝව ලබා දී ඇත්තේ South and North Development research institute විසින්.

දකුණු කොරියානු චිත්‍රපට, නාට්‍ය ඇතුළු විනෝදාස්වාද අංග උතුරු කොරියාවේ තහනම් වනවා. එවැනි දෑ නැරඹීම, ළඟ තබා ගැනීම, බෙදාහැරීම වැනි ක්‍රියා දැඩි දඩුවම් ලැබීමට හේතුවන සාපරාධී ක්‍රියා වනවා. දකුණු කොරියානු ටෙලි නාට්‍ය නැරඹීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකු වන අතර ඔවුන් 12 වසරක බරපතළ වැඩ සහිතව සිරගෙට නියම කිරීමට අධිකරණය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

වීඩියෝව පහතින්…