ඊයේ (26) සවස කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමින් යුත් දුරකථන අඩංගු බෑගයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා

වෙළඳ සංකීර්ණයට පැමිණි පුද්ගලයා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර යතුරු පැදියක නැගී පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි

කොල්ලකෑම සම්බන්ධයෙන් එම ආයතනයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් සම්බන්ධයෙන්ද සැකයක් හටගෙන ඇති බවද සදහන්

අදාළ කොල්ලය සම්බන්ධයෙන් සීසීටීවී කැමරා දර්ශන සටහන්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි