අද (17) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට පත් කරනු ලැබුවා

මෙම ගුවන් පාලම හංගේරියානු රජයේ ණය ආධාර යටතේ 2021 වසරේ ජුනි මස 07වැනිදා ඉදිරිකිරීම් ආරම්භ කරනු ලැබුවා

මෙම ගුවන් පාලම දිගින් මිටර 297කින් සහ මීටර් 9 යි දශම 4 ක පළලින් යුක්තයි.

කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ඉඳිකෙරුණු අතර ඒ සදහා වැය කර ඇති මුදල් රුපියල් මිලියන 2,648ක්.

මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අතරමග වැඩ නැවතී තිබූ සංවර්ධන ව්‍යපෘති යළි ආරම්භ කිරීමට හැකිවී ඇති බවය.