හෙට (15) සිට කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් එම  මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

මාස 02ක කාලයක් අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත අතර  එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා

අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීමද මේ අනු​ව තාවකාලිකව නවතා දමා තිබෙනවා.