ඊයේ (18) රාත්‍රීයේ කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා.

තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.