කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.

ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වූ අතර ඉන් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී ඇතැයි පැවසෙයි.

කෙසේ නමුත් ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.