කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසු කර ඇති බව වාර්තා වේ.,

ඉතිහාසයේ පළමුවරට මෙසේ 16,000 සීමාව පසුකර තිබීම සුවිශේෂි වන අතර ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර තිබේ.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46% කි.